Wednesday, September 2, 2015

වීරයා











ඕනෑම
සත්වයෙකුට
සීමාවක් ඇත.
ඒ සීමාව තුළ

වීරයකු වන අතර ම,
සීමාව පැන්න විට
ඌ ද,
සාමාන්‍ය සත්වයෙකු
වනු ඇත.
 -ටෙහෙරාන්-

Sunday, August 30, 2015

සුදු කළු අලු














සුදු චරිත
කළු චරිත
අතරේ
වටිනාම
චරිත වන්නේ,
අලු චරිතයි
..............

 -ටෙහෙරාන් ගේ දිනපොතිනි-

ආත්මීය පෙම














ආත්මීය
යැයි කියනා...
සංසාරේ
පතාගෙන ආවා
යැයි පැවසූ...
ප්රේමයකට,
ශත 20ක් වැයකර
එක් කෙටි පණිවිඩයකින්
තිත තැබුවෙමි..
.........

 -ටෙහෙරාන් ගේ දිනපොතිනි-

Monday, August 24, 2015













එකසත් ජාතික පක්ෂය ට
සමාජවාදය අවශ්‍ය උවහොත්
රටේ බහුතර ජනයා
සමාජවාදය පිළිගන්නවා නියතය....
නමුත්
ජනතා විමුක්ත් පෙරමුණ
ධනවාදයකට ගියද,
ඔය ලැබෙන චන්ද එකක් හෝ
වැඩි නොවනු ඇත......
ඉතින්
ප්‍රශ්නය ඇත්තේ,
කොතනද?
-ටෙහෙරාන්-










පිස්සන් කොටුවේදී
පිස්සන් කියන කතා
සියල්ල ගැන
හිතා බැලුවෙමි......
ඔවුන් පවසන්නේ
සම්පූර්ණ ඇත්තය....
එහෙත් ඇත්ත
පවසන විදියේ..
යම්
වෙනස්කමක් ඇත...
ඔබටත්
අවංක මිනිසෙක්
හමුවීමට අවශ්‍ය නම්,
ඉක්මනින් පිස්සන් කොටුවට
යන්න........
...................
-ටෙහෙරාන්-













ගස් හිටෙව්වම
වැස්ස වහිනව
කියන එක ඇත්තද?
ගස් වැඩියෙන්ම තියෙන
උතුරු-මැදට
කෝ වැස්ස.......
ගස් නැති
කොන්ක්‍රීට් කදු තියෙන
කොළඹට
මාසෙකට වරක් වත්
හැමදාම වැස්ස.......
................
-ටෙහෙරාන්-













කුරුල්ලා,
උඹ නිදහසේ 
උදේ පාන්දරම
පොළොවට උඩින්
පියඹාගෙන යද්දි,
පොළොවෙ මිනිස්සු
කරන දේවල් දැකල,
උඹට පියාඹන එක
අප්පිරිය වෙන් නැත්ද?
-ටෙහෙරාන්-